27 April 2024
#දේශීය

විමල්ගේ “9න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම” සම්මන්ත්‍රණය ලන්ඩනයේදී

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ “9න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම?” සංවාදශීලී සම්මන්ත්‍රණය පසුගිය 17 වනදා ලන්ඩනයේ (Honey Moon Banquet Hall, 50 – 52, Belle Road, Hounslow, TW3 3PB) පැවැත්විණි.

මෙම අවස්ථාවට ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක, ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පූජ්‍ය වදුරඹ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය, එංගලන්තයේ වෙසෙන විද්වත් වෘත්තිකයෝ ඇතුළු දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ රැසක් එක්ව සිටියහ. සිය ප්‍රධාන දේශනයෙන් අනතුරුව සහභාගි වූ පිරිස මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා එම පිරිස සමග දීර්ඝ සංවාදශීලී සාකච්ඡාවකට ද එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *