ලොව සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් (Tiger Woods) ලබන වසරේ (2027) අයර්ලන්තයේ පැවැත්වීමට නියමිත සුප්‍රසිද්ධ රයිඩර් කුසලාන තරගාවලියේ ඇමරිකානු කණ්ඩායමේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමරිකානු PGA (PGA of America) ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.පසුගිය සිකුරාදා ෆ්ලොරිඩාවේදී සිදුවූ රිය අනතුරකින් පසු තමන් සියලු වෘත්තීය ගොල්ෆ් ක්‍රියාකාරකම්වලින් තාවකාලිකව ඉවත් වී ප්‍රතිකාර සඳහා යොමුවන බව 50 හැවිරිදි වුඩ්ස් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ. රිය අනතුර සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බීමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම (DUI) ඇතුළු චෝදනා එල්ල වී ඇති අතර, තමන් නිර්දෝෂී බව ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇත.වුඩ්ස්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා ඔහුට අවශ්‍ය දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇමරිකාවෙන් බැහැරව විදේශගත වීමටද එරට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. වුඩ්ස් සිය සෞඛ්‍යයට මුල් තැන දෙමින් ගත් මෙම පෞද්ගලික තීරණයට PGA ආයතනය සිය පූර්ණ ගෞරවය සහ සහයෝගය පළ කර සිටිනවා.














