ටික්ටොක් මගින් හිතවත් වී පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ බවට පුවතක් වාර්තා වුණා.
අදාල සිද්ධියෙන් පාසැල් සිසුන් 4ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ලද තොරතුරු වල සදහන්ව තිබුණේ.
මෙලෙස ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ඔස්සේ හිතවත් කරගත් පාසල් සිසුවියක් කන්තලේ, ඊච්චලම්පත්තු ප්‍රදේශයට ගෙන්වාගෙනයි මෙම සමූහ දූෂණයකට ලක් කර තිබෙන්නේ.
අදාළ සැකකාර පාසල් සිසුවා විසින් අතවරයට පත් සිසුවිය සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ මිතුදමක් ගොඩනගාගෙන, කතාබහ කිරීම සඳහා බව පවසමින් ඇයව ලංකා පටුන විහාරස්ථානය පිටුපස වෙරළ තීරයට ගෙන්වාගෙන තිබෙනවා.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකාර සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සිසුවියව බලහත්කාරයෙන් කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවයි.
අතවරයට පත් සිසුවිය විසින් ඊච්චලම්පත්තු පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, සිද්ධියට සම්බන්ධ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවා සහ ඔහුගේ මිතුරන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියෙන් සමාජ මාධ්‍ය භාවිතයේදී නාඳුනන පුද්ගලයින් විශ්වාස කිරීමේ අවදානම නැවතත් පසක් කරයි.
.














