අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන ‘ගම්පෙරළිය’ වැඩසටහන හෙට (28) දින ආරම්භ වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ අද (27) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින සෑම ඡන්ද කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පක්ෂ කාර්යාල පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ අනුව මුළු දිස්ත්‍රික්කය පුරා ඡන්ද කොට්ඨාස 225ක් කේන්ද්‍ර කරගනිමින් කාර්යාල 225ක් අලුතින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ එක්ව ආරම්භ කරන මෙම වැඩපිළිවෙල හරහා ග්‍රාමීය මට්ටමින් ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අපේක්ෂිතය. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පක්ෂ යාන්ත්














