• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිමට රාත්‍රී ආර්ථිකය වෙත යොමු විය යුතුයි – ඇමැති ඩයනා

23 February 2024
in දේශීය, පුවත්
රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිමට රාත්‍රී ආර්ථිකය වෙත යොමු විය යුතුයි – ඇමැති ඩයනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළද ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය” රාත්‍රී කාලයේ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රටක ආර්ථිකය ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු භූමිකාවක් ඉටුකරනවා. රාත්‍රී කාලයේ දී සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාද ක්‍රියාකාරකම් මෙන්ම අවන්හල් විවෘතව තැබීම ඇතුළු රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකයේ දායකත්වය ලබා ගන්නවා. විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි. ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන ප්‍රධාන ස්ථාන අතර වන විශේෂයෙන් වෙරළාසන්න ප්‍රදේශ සහ කොළඹ වැනි නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාදය ලැබීමට අවස්ථා තිබිය යුතුයි. එනිසා එවැනි ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය වැනි විවිධ රටවලින් සංචාරකයන් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට මෙරටට පැමිණ විනෝදාස්වාදය ලැබීමට හැකි ආකාරයට ඇතැම් සීමා සංශෝධනය විය යුතුයි. නිදසුනක් ලෙස ආපන ශාලා විවෘතව තැබෙන කාල සීමාව වෙනස් විය යුතුයි. සංචාරකයන්ට පහසු වන නම්‍යශීලී ප්‍රතිපත්තියක් වෙත අප යොමුවිය යුතු යැයි රාජය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Post Views: 11,443
Previous Post

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුව ඇමති රමේෂ්ගේ ප්‍රධානත්වයෙන්

Next Post

ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved