27 April 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුව ඇමති රමේෂ්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ 2024 වර්ෂයේ වාර්ෂික හමුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දි පැවැත්විණි .

මෙම විධායක නිලධාරින්ගේ සංසදයේ වාර්ෂික හමුවේදි මෙරට රජයේ රෝහල්වලට වෛද්‍ය උපකරණ සැපයීමේ දී පැනනගින ගැටළු, සේවා කිරීමේ දී පවතින ගැටළු, අමතර කොටස් මෙරටට ගෙන්වා ගැනීමේදී ඇතිවන ගැටලු , ඩොලරය උච්චාවචනය විම නිසා නිසා ඇතිවුන ගැටළු, ආනයනකරුවන්ට බලපාන මූල්‍ය බරින් මිදීම සදහා රජයෙන් සහන ක්‍රියාමාර්ග ඉල්ලීම මෙන්ම පැනැගී තිබෙන ප්‍රායෝගික ගැටළු, පිළිබදව සාකච්ඡා කොට ඒවාට කෙටි කාලීන , මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසදුම් ලබා ගනිමින් මෙරට ජනතාවට‌ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම ප්‍රධානතම අරමුණ කර ගනිමින් මෙම වැඩසහන පැවැත්විය .

සෞඛ්‍ය අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයින් මෙන්ම මෙම විෂයට අදාලව කටයුතු කරන නියෝජිතයින් මෙම වැඩසටහන සදහා සහභාගි වේ .

2015 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය සාමාජික ආයතනය 70 කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරණු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය සවීන් සේමගේ , ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපති ප්‍රදීප් අමරවර්ධන, උප සභාපති තිළක් ෆනෑන්ඩෝ, උප සභාපති ගිහාන් සෙනෙවිරත්න ,ලේකම් Clive C. james ,සහකාර ලේකම් ඩෙවින් ගුණවර්ධන ,හිටපු සභාපති එස්. ප්‍රභූ , භාන්ඩාගාරික සසින්ත ෆනෑන්ඩෝ, යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *