පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) සිව් වසරක් සපුරේ.
2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය.
මීගමුව, මඩකලපුව, සහ කොළඹ පිහිටි පල්ලිවලට ප්‍රහාර එල්ල කෙරුනේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතරතුර දී ය.
ෂැන්ග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි, සහ ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ හෝටල් වේ.
එම දිනයේම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද, දෙහිවල පිහිටි ලැගුම්හලකද සුළු පිපිරීම් වාර්ථා විය.
මෙම බෝම්බ ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්විය. තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.
මෙම බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු නිසි ලෙස සිදු නොවී ඇති බවත් වරදකරුවන් මෙතෙක් හෙලි නොකල ඇති බවට විවිධ පාර්ශවයන් විසින් චෝදනා එල්ල කරනු ඇත.
ඒ් අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද(21) උදෑසන 08 සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබේ.
එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විවි.ය
කතෝලික සභාව සදහන් කළේ අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජනපවුර නිර්මාණය කරන බවය.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ රාත්‍රී පාගමනක් ආරම්භ කර තිබූ අතර ඊට සමගාමීව විශේෂ රාත්‍රී දේව මෙහෙයක්ද පවත්වා තිබේ.