27 April 2024
#ව්‍යාපාර

යක්ඛ” CNFT ව්‍යාපෘතිය කොළඹදී එළිදක්වයි”

ශ්‍රී ලංකාවේ ප්‍රථම Cardano stake pool සහ blockchain forum පිටුපස සිටින පුරෝගාමී blockchain සමාගම වන Coin Ceylon, ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික වෙස් මුහුණු වලට නව අගයක් එකතු කරමින්, වෙස් මුහුණු නිර්මාණ එකතුවක් සමඟින් දේශීයව පළමු Cardano NFT ව්‍යාපෘතිය සාඩම්බරයෙන් ජනගත කිරීම පසුගියදා කොළඹදී සිදුවිය.

වසර දහස් ගනනක් පැරණි ජප්‍රවාද සහ සංස්කෘතිය තුළින් පෝෂණය ලැබූ යක්ඛ වෙස් මුහුණු වලින් අභාෂය ලබා ගනිමින් මෙම වෙස් මහුණු එකතුව නිර්මාණය කර ඇති ඇති අතර එහි 2D මෝස්තර 6000 ක් සහ සිත් ඇදගන්නාසුළු ත්‍රිමාණ සජීවිකරණ වෙස් මුහුණු 666 සමගින් සමස්ත වෙස්මුහුණු 6,666කින් සමන්විත වේ.

Yakka CNFT ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අභාවයට යමින් පවතින වෙස් මුහුණු නිර්මාණය කිරීමේ සාම්ප්‍රදායික කලාවට සක්‍රීයව සහය දෙමින් සහ නඟා සිටුවීම මගින් ඩිජිටල් කලාව භාවිතයේ විප්ලවීය වෙනසක් සිදු කරයි. මෙම ව්‍යාපෘතියෙන් ලබාගන්නා අරමුදල්වලින් කොටසක් දේශීය ශිල්පීන්ට අත්‍යාවශ්‍ය සැපයුම්, උපකරණ සහ මෙම සංකීර්ණ වෙස් මුහුණු නිර්මාණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගැනේ. එසේම Coin Ceylon විසින් පරිසරය ආරක්ෂා කරමින් කලා ආකෘතින් තිරසාරව පවත්වාගෙන යාම සඳහා වෙස්මුහුණු සඳහා අවශ්‍ය ගස් නැවත වගා කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම ජංගම යෙදවුම මගින් ශ්‍රී ලාංකේය කලාව සහ සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමට අමතරව, ශ්‍රී ලංකාව ආකර්ෂණීය මෙන්ම සුවදායි සංස්කෘතිකමය වටිනාකමින් පරිපූර්ණ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම Yakka CNFT ව්‍යාපෘතියේ අරමුණයි. මෙම අද්විතීය NFT වෙස් මුහුණු හිමිකරුවන් භෞතික වෙස් මුහුණක් තිබීම වැනි ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් සඳහා සුදුසුකම් ලබයි. එපමණක් නොව, මෙම දියත් කිරීමත් සමග ශ්‍රී ලංකාව තුළ පූර්ණ අනුග්‍රහය සහිතව සතියක නිවාඩුවක් ලබා ගැනීම සඳහා වාසනාවන්ත ජයග්‍රාහකයින් තිදෙනෙකු දිනුම් ඇදීමක් හරහා තෝරා ගනු ලබන අතර, එහිදී ඔවුන්ට සන්නි 18 ඇතුළු නර්ථන අංගයන් දැකබලාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

සන්නි නර්තන සම්ප්‍රධාය, වෙස් මුහුණු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය අත්විඳින්න සහ දිවයිනේ විශ්මයජනක සුන්දරත්වය ගවේෂණය උදෙසා උනන්දුවක් ඇති කරවීම මෙම ව්‍යායාමයේ උත්සාහයයි. Coin Ceylon සාම්ප්‍රදායික කලාව, සංස්කෘතිය සහ අති නවීන Blockchain තාක්ෂණයේ මෙම සිත් ඇදගන්නාසුළු ගවේෂණය ව්‍යායාමය උදෙසා මේ උදෙසා උනන්දුවක් දක්වන සියලු පාර්ශව සඳහා ආරාධනා කරයි. NFTs සහ ප්‍රජාව ගොඩනැගීමේ නව්‍ය භාවිතය තුළින් ධනාත්මක බලපෑමක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය සුරැකීම අරමුණු කරගත් මෙම පෙර නොවූ විරූ චාරිකාවේ තවත් කොටස්කරුවෙකු වීමට www.yakka.art හි Yakka CNFT ව්‍යාපෘති වෙබ් අඩවියට පිවිසෙන්න යයි Cionceylon කළමනාකාරිත්වය මෙම අවස්ථාවේදී සදහන් කළේය.

 

 

 

පිටපත – PR

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *