27 April 2024
#දේශීය

73 වන ජාතික නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

15 වන සියවසේ සිදු වූ යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණයත් සමඟ වසර 153 ක කාලයක් යුරෝපීය ජාතීන්ගේ පාලනයට නතු ව සිටී අප රට බටහිර යටත්විජිතකරණයෙන් නිල වශයෙන් නිදහස් වන්නේ 1948 පෙබරවාරි 04 අද වන් දිනයක දී ය.

1505 දී පෘතුගීසි දේශාටක ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසින් කණ්ඩායමක් පළමු වරට මෙරටට පැමිණියේ මෙරට අභ්‍යන්තර අසමඟිය පවතින කාල වකවානුවක දී ය.
මෙම අභ්‍යන්තර අසමගියේ වාසිය තමන් සතු කර ගත් පෘතුගීසින් මෙරට බලය අල්ලා ගැනීමට කටයුතු කළහ. ඉන් අනතුරුව, 1518 දී කොළඹ නගරය මැද බලකොටුවක් තනා මෙරට බලය තහවුරු කර ගන්නා ලදී. පෘතුගීසින් මෙරට මුහුදුකරය පුරා සුක්ෂම ලෙස තම බලය ව්‍යාප්ත කර සිටිය දී යුරෝපයෙන්ම පැමිණි ඕලන්ද ජාතිකයින් විසින් පෘතුගීසින් පරදා 1658 දී තම බලය තහවුරු කර ගැනීමත් සමඟ වසර 138 ක් අප රට පාලනය පෘතුගීසින් සහ ඕලන්ද ජාතිකයින් සතු විය.

 

ඉන් අනතුරුව, 1796 දී ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමඟ මෙරට පාලනයට සහ නිදහසට විශාලතම බලපෑම සිදු කරන ලදී. 1815 කන්ද උඩරට සහ සමස්ත ශ්‍රී ලංකාව ම ඉංග්‍රීසින් විසින් යටත් කරගැනීමෙන් අනතුරුව වසර 2357 ක් පැවති ස්වදේශීය රාජ්‍ය

පාලන තන්ත්‍රය ද මෙරට තුළ මුළුමනින්ම බටහිරකරණයට ලක් විය. 1818 දී මොනරවිල කැප්පෙටිපොළ දිසාවේගේ නායකත්වයෙන් යුතුව ඌව වෙල්ලස්ස කැරැල්ල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව නිදහස වෙනුවෙන් පළමු අරගලය ලෙස ඉතිහාස ගත ව පවතී. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යන් ගෙන් මෙරට නිදහස් කර ගැනීම උදෙසා පැවති නේක විධ අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව ස්වාධින රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්විණි. ඉන් අනතුරුව පෙබරවාරි 10 වන දින සැමරීමේ නිල උත්සවය නිදහස් චතුරශ්‍රයේ දී සිදු කරන ලදී.

 

ඒ අනුව නිදහස් දින සැමරුම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ.

ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ඉතා චාම් අයුරින් පැවැත්වීමට කටයුතු කරනු ඇත.

යුද හමුදා නිලධාරීන් 4325 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු, පොලිස් නිලධාරීන් 1382 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු ද මෙවර සැමරුම් උළෙලට එක්වේ.

 

 

 

 

 මුලාශ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *