ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 158ක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉතිරිව ඇති කුඩා ප්‍රහාරක යාත්‍රා හෝ ඕනෑම ඉරාන නෞකාවක් ඇමෙරිකාව පනවා ඇති නාවික අවහිර කිරීම් (Blockade) සීමාවට පැමිණියහොත්, ඒවා ද වහාම විනාශ කරන ලෙස තමන් නියෝග කර ඇති බව ඔහු දැඩි ලෙස අවධාරණය කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීම සඳහා භාවිත කරන විශේෂිත ප්‍රහාරක පද්ධතියම (System of kill) මෙම ඉරාන යාත්‍රා විනාශ කිරීම සඳහා ද යොදා ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත. ඉරානය සමඟ පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඇමෙරිකාව පැනවූ මෙම දැඩි නාවික අවහිරයත් සමඟ කලාපයේ යුධමය තත්ත්වය අතිශය උච්චස්ථානයකට පත්ව තිබේ.














