ඉරානයට එරෙහිව පවතින යුදමය ක්‍රියාමාර්ග අවසන් වූ පසු කියුබානු රජය පෙරළා දැමීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඊයේ (05) ධවල මන්දිරයේදී ‘ඉන්ටර් මියාමි’ පාපන්දු කණ්ඩායම සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කියුබාවේ පවතින කොමියුනිස්ට් පාලනය අවසන් කිරීම ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර ඒ වෙනුවෙන් හවානා රජයට එරෙහිව නිරන්තරයෙන් ආර්ථික හා දේශපාලනික පීඩනයන් එල්ල වෙමින් පවතී.
මේ වන විටත් කියුබාවේ ආර්ථිකය දැඩි ලෙස අඩපණ කිරීමේ අරමුණින් අමෙරිකාව විසින් එරටට පනවා ඇති සම්බාධක තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත. ට්‍රම්ප් සහ ඔහුගේ සහචරයින් දිගින් දිගටම පවසා සිටින්නේ කියුබානු රජය පෙරළා දැමීම සඳහා අවශ්‍ය ඕනෑම දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් පසුබට නොවන බවයි. මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.














