ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අද (22) අන්‍යෝන්‍ය වශයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. සිව්වන සතියටත් එළඹ ඇති මෙම යුද වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් ඇතුළත විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර “මුළුමනින්ම විනාශ කරන” (Obliterate) බවට ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය අද (22) අවධාරණය කළේ ට්‍රම්ප් එම තර්ජනය ක්‍රියාත්මක කළහොත් ගල්ෆ් කලාපයේ පවතින ඇමරිකානු යටිතල පහසුකම් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර, අද අලුයම ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අරද් සහ දිමෝනා නගරවලට හානි සිදුව ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ටෙහෙරාන් අගනුවර වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි. මෙම තත්ත්වය හමුවේ ලෝක බලශක්ති වෙළෙඳපොළ සහ ගෝලීය ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව ඇති බව විශ්ලේෂකයෝ පවසති.














