ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක ජනතාව ඉලක්ක කරගනිමින් ඉරානය විසින් වසර ගණනාවක සිට ක්‍රියාත්මක කරන බව කියන “මනුෂ්‍ය ඝාතන ව්‍යාපාරය” තවදුරටත් ඉවසීමට සූදානම් නැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඉරානය විසින් ලොව පුරා භීෂණය පතුරුවමින් සිදුකරන මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇමෙරිකාව මින් ඉදිරියට දැඩි ස්ථාවරයක පසුවන බවයි. ඉරාන පාලනය විසින් සැලසුම් සහගතව මෙහෙයවන මෙම මනුෂ්‍ය ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අහිංසක ජීවිත රැසක් අහිමි වී ඇති බවත්, එය ජාත්‍යන්තර ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ට්‍රම්ප් සිදුකළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇති අතර, මෙය ඉදිරියේදී ඇමෙරිකාව සහ ඉරානය අතර සබඳතාවල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විදේශ විචාරකයෝ මත පළ කරති.














