ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය සමඟ පවතින යුද්ධයේ වඩාත්ම භයානක තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තා වේ. ඒ ඉරානයේ සතු දැඩි ලෙස සෙලවූ යුරේනියම් තොග (Highly Enriched Uranium) අත්පත් කරගැනීම හෝ විනාශ කිරීම සඳහා ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීමයි.
ඉරානය ඕනෑම මොහොතක න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කර එය භාවිත කිරීමට සූදානමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත්, ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ ඉරානය සතුව අමුද්‍රව්‍ය තිබුණද එය අවියක් බවට පත් කිරීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි
පසුගිය සති තුන පුරා ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයේ සාම්ප්‍රදායික යුද ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති අතර, මේ වන විට ඔවුන් සතු එකම ප්‍රබල උපායමාර්ගික සම්පත වී ඇත්තේ මෙම න්‍යෂ්ටික ද්‍රව්‍ය පමණි
ඉරානයේ නටන්ස් (Natanz) සහ ඉස්ෆහාන් (Isfahan) වැනි න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම සුවිශේෂී මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කර ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි
මෙම ගෝලීය යුදමය තත්ත්වය හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළ තවදුරටත් අස්ථාවර වී ඇති අතර, අද දින මෙරට පාර්ලිමේන්තුවේදී ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ලෝක වෙළඳපොළේ පවතින මෙම අස්ථාවරත්වය හමුවේ මෙරට ජනතාවට සහන සැලසීමට රජය ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.
අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති ප්‍රබල අකුණු සහ තද වැසි සහිත කාලගුණය මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර පුවත් සේවාවන් මෙම යුදමය තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවේ.














