• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‍එප්පාවල පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනේ

8 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර එප්පාවල ඇඳගල මංසන්ධිය ආසන්නයේ නිවසක් තුළ වෙඩි තබා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් හා අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් ඊයේ (07) උදෑසන සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

එප්පාවල ඇඳගල මංසන්ධිය ආසන්නයේ, ඇඳගල – එප්පාවල ප්‍රධාන මාර්ගය අසල පිහිටි දෙමහල් නිවසක් තුළ මෙම පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල ඇඳගල පිහිටි අදාළ නිවසේ හිමිකරු වන කවින්ද ප්‍රසාද් වීරකෝන් 31 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ මිතුරෙකු වන වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරකු වන ඒබ්‍රහම් මොහොමඩ් මුභාරක් (47) නම් සිවුදරු පියෙකි.

ඒබ්‍රහම් මොහොමඩ් යන අය නිවසේ සාලයේදී මෙරට නිෂ්පාදිත බවට සැක කරන ගිණි අවියකින් (ෂොට් ගන්) හිසට වෙඩි තබා ඝාතනයට ලක් කර තිබිණි.මළ සිරුර අසල අදාළ ගිණි අවියෙන් නිකුත් වූ ඊයම් කැබලිද පොලීසිය සොයා ගෙන තිබිණි. නිවසේ හිමිකරු වන කාවින්ද ප්‍රසාද් නැමැත්තා නිවසේ සාලයට යාබද නිදන කාමරයකදී ඇඳ අසල බිම කපා කොටා ඝාතනයට ලක් කර තිබිණි.ඔහුගේ මුහුණ අත් ඇතුළු උඩුකය අමානුෂික ලෙස කපා දමා ඇති අයුරු දැක ගත හැකි විය.මළ සිරුර අසල මිරිස් කුඩුද තිබී සොයා ගත් අතර, මිරිස් කුඩු මුහුණට ගසා ඔහු කපා කොටා දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අද (07) අලුයම් කාළයේ මොවුන් ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. එප්පාවල නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ත්‍රී රෝද රථයට ඉන්ධන ලබා ගෙන මොවුන් ත්‍රී රෝද රථයේ හිමිකරුගේ නිවසට ගොස්, නැවත කවින්ද ප්‍රසාද් නැමැත්තා නිවසට ඇරලීමට ඊයේ (06) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ පැමිණීමෙන් පසු මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි ඝාතනයට ලක් වූ ත්‍රි රෝද රථ හිමිකරුගේ බිරිඳ වන ෆාතිමා ෂානාස් මහත්මිය පවසයි. සැමියා 07 වනදා උදෑසන වන විටත් නිවසට නොපැමිණීම හේතුවෙන් කවින්ද ප්‍රසාද්ගේ නිවසට පැමිණි බවත් ඒ අවස්ථාවේදී තම සැමියා හා කවින්ද ප්‍රසාද් ඝාතනය කර ඇති අයුරු දැක පොලීසිය පැමිණිලි කළ බවත් ඇය පැවසුවාය.කවින්ද සමඟ නිවස ඉදිරිපිට වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයක හිමිකරුගේ දියණිය පෙම් සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් ආරවුලක් පැවති බවත්, මීට පෙරද කවින්ද යන අය මෝටර් රථයකින් රිය අනතුරකට ලක් කර අදාළ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ හිමිකරු විසින් කවින්දගේ අතක් කැපූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.ඒ නිසා ඔහු මෙම ඝාතනය කරන්නට ඇතැයි සැකයක් පවතින බවද ඇය පැවසුවාය.

අනතුරුව පොලීසිය විසින් ඝාතනය සිදු වූ නිවස ඉදිරියේම ඇති අදාළ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානය හා ඔහුගේ නිවසද පරික්ෂාවට ලක් කළ අතර, වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ, නිවස පරිශ්‍රයේ හා ලිඳ අසල තිබී ලේ පැල්ලම් 03 ක් නිරීක්ෂණය වීමත් සමඟ, ඔහු‌ගේ ආරක්ෂාව හා පොලීසියේ වැඩි දුර විමර්ශණ සඳහා අදාළ පුද්ගලයා එප්පාවල පොලීසිය වෙත රැගෙන ගියහ.
අදාළ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ හිමිකරුගේ දියණිය සමඟ ඝාතනයට ලක් වූ කවින්ද ප්‍රසාද් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑම හේතුවෙන්අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පැවති බවද පොලීසිය පවසයි.

ඝාතනයන් සිදු නිවසේ ස්ථාන කීපයක ඇඟිලි සළකුණු ලබා ගැනීම සිදු කෙරුණු අතර, අදාළ ඝාතනයන්ගෙන් පසුව භාවිත කළ බවට සැක කෙරුණු ලේ තැවරුණු හිස් මත්පැන් බෝතලයක් පොලිස් නිළ සුනඛ ඩයිසර් වෙත ඉව ඇල්ලීමට සැලැස්වීමෙන් පසු පොලීසිය සැකපිට පොලිස් භාරයට ගත් පුද්ගලයාගේ නිවසට හා ලිඳ අසලට ගමන් කළහ.අදාළ මත්පැන් බෝතලයෙන්ද ඇඟිලි සලකුණු කීපයක් ලබා ගන්නා අයුරු දැක ගත හැකි විය.

සිද්ධිය සිදු වූ ස්ථානයට තඹුත්තේගම ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.වී නුවන් කෞශල්‍ය මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කළහ.අනතුරුව මහේස්ත්‍රාත්තුමන් සැකපිට පොලිස් භාරයට ගත් පුද්ගලයාගේ නිවසේ තිබූ ලේ පැල්ලම්ද පරික්ෂා කරනු ලැබීය.

එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

 

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 2
Previous Post

යකා බැරිනම් මාරයා එක්ක හරි එකතු වෙලා රට ගොඩගන්නවා – දුමින්දගෙන් සැර කතාවක්

Next Post

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ දී අවසන් කළ යුතුයි – ඇමැති නිමල්

editor

editor

Next Post

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ දී අවසන් කළ යුතුයි - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

6 October 2025
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025

Recent News

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

6 October 2025
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved