27 April 2024
#දේශීය

යකා බැරිනම් මාරයා එක්ක හරි එකතු වෙලා රට ගොඩගන්නවා – දුමින්දගෙන් සැර කතාවක්

පක්ෂ නායකයින් බලා සිටින්නේ රට ගොඩ නැගීමට නොව බලය අල්ලා ගැනීම බවත් පවතින තත්ත්වය තුළ යකා බැරිනම් මාරයා එක්ක හරි එකතු වෙලා රට ගොඩගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තරුණ මන්ත්‍රීවරුන් විදිහට රටට යහපත් කිරීමට තමන් සුදානම් බවයි. එසේම පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් තරුණ මන්ත්‍රීවරුන් මේ අවස්ථාවෙදී රටේ පැන නැගි ඇති තත්ත්වයට හමුවේ රටට වැඩක් කරන්නට කැමැත්තෙන් සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

එසේම ජනතාව බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව හරහා ජනතාව දුක්විදින එක නවතවන්න සහාය දෙවි යැයි හෙතෙම පැවසිය. කෙසේ වෙතත් මේ වන විට බහුතරයක් මන්ත්‍රීවරුන්ට තම ගම්බිම් බලා යාමට නොහැකි බවයි.

ජනතාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පමණක් නොව පක්ෂ දේශපාලනයම නැති කරන්න ඕන කියන තැන අද ජනතාව සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කලේ සර්ව පක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නමුත් එවැනි පසුබිමක් සකස් නොවිම ඉතා කනගාටුදායක බව මන්ත්‍රීවරයා පැවසිය.

ජනාධිපතිවරයා ගොවියාට පොහොර ලබා නොදුන් නිසා අද ජනතාව පත්ව ඇති අසරණ වු අතර ජනාධිපතිවරයාට නැවත වරක් වරදක් කිරීමට අවස්ථාවක් නොදිය යුතු බව දිසානායක මහතා පැවසිය. ජනතාව ඉල්ලන්නේ පැන නැගි ඇති උත්තර හොයලා දෙන වැඩපිළිවෙලක් සකස් කල යුතු පිරිසක් විදිහට මුලු පාර්ලිමේන්තුවම එකට එක්ව කටයුතු කල යුතු බව මන්ත්‍රීවරයා අනාවරණ කලේය. අගමැතිවරයාව පත්කිරීම හොර රහසේ සිදු වුවත් මේ වන විට රට වෙනුවෙන් යක්ෂයාද මාරයාද කියා නොසිතා එකට එක්ව වැඩ කිරීමට කටයුතු කල යුතු බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *