27 April 2024
#දේශීය

පාපුවරුවේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු මරුට

පුපුරැස්ස, පුස්සැල්ලාව පෙරට්ටාසි මාර්ගයේ ඊයේ (11) පෙරවරුවේ සිදු වු අනතුරින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පුස්සැල්ලාව දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් මාර්ගයේ බෑවුම් සහිත ප්‍ර දේශයකදී මාර්ගයෙන් ඉවතට පැන ඉවුරක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පා පුවරුවේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වහුගපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇත.

මිය ගිය අය වයස අවුරුදු 20 ක් හා 39 ක් වු රම්බඩ හා කටුකිතුල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. අනතුර සිදු වු විට රියදුරු පලාගොස් ඇති අතර පසුව පුස්සැල්ලෑව පොලිසියට ඉදිරිපත් වී ඇත.

අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් බස් රථයට ගිනි තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුපුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *