පසුගිය සෙනසුරාදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ එම ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. අදාළ වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී සිය රාජකාරිය පැහැර හැරීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.














