එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ අනපේක්ෂිත ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ එල්ල වූ මෙම ප්‍රහාරවලින් සිදුවූ දේපළ හා ජීවිත හානි පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර ඇති අතර, තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා පිළිබඳව අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා වැඩිදුර තොරතුරු තහවුරු කරගැනීමට පියවර ගෙන තිබේ.
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා මේ වන විට එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව සහ පවුලේ ඥාතීන්ට අවශ්‍ය සහය ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වී ඇත. මැදපෙරදිග කලාපයේ සේවය කරන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, පවතින අවදානම් තත්ත්වය හමුවේ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එහි වෙසෙන ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
















