2026 මාර්තු 20 වනදා වන අද දින ඉරානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඉලක්ක කර ගනිමින් එල්ල කළ බැලිස්ටික් මිසයිල 4ක් සහ නියමුවන් රහිත යානා (UAV) 26ක් සාර්ථකව මැඩපැවැත්වීමට එරට ගුවන් ආරක්ෂක පද්ධති සමත් විය. මෙම දරුණු ප්‍රහාරය හේතුවෙන් සිය ජාතික රාජකාරිය ඉටුකරමින් සිටි සන්නද්ධ හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පකිස්ථාන, නේපාල, බංග්ලාදේශ සහ පලස්තීන ජාතිකයන් 6 දෙනෙකු ද මියගොස් තිබේ. මීට අමතරව ශ්‍රී ලාංකිකයන් ඇතුළු විවිධ රටවල පුද්ගලයන් 158 දෙනෙකු විවිධ මට්ටමේ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉරාන ආක්‍රමණශීලී ක්‍රියාවන් ආරම්භ වූ දා සිට මේ දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් බැලිස්ටික් මිසයිල 338ක්, කෲස් මිසයිල 15ක් සහ ඩ්‍රෝන යානා 1,740ක් සාර්ථකව ව්‍යර්ථ කර ඇත. එරට ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ඕනෑම තර්ජනයකට මුහුණ දීමට තමන් පූර්ණ සූදානමකින් පසුවන බවත්, රාජ්‍යයේ ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට හානි කිරීමට දරන ඕනෑම උත්සාහයක් දැඩි ලෙස මර්දනය කරන බවත්ය. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වන විට දැඩි අවධානයෙන් (High Alert) පසුවෙයි.














