නාගරික ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ (විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනගහනය මෙම සියවස අවසානය වන විට 140% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ), ප්‍රවාහන, බලශක්ති සහ පොදු සේවා කෙරෙහි එල්ල වන පීඩනය කළමනාකරණය කිරීමට කෘතිම බුද්ධිය (AI) ප්‍රබල විසඳුමක් ලෙස කරළියට පැමිණ තිබේ. AI ඒජන්තවරුන් (AI agents) නගරයක විවිධ පද්ධති එකිනෙක සම්බන්ධ කරන “සජීවී පටකයක්” ලෙස ක්‍රියා කරමින්, තත්කාලීන දත්ත විශ්ලේෂණය හරහා නගර මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කරයි.
චන්ද්‍රිකා ඡායාරූප, GPS දත්ත සහ වීදි දර්ශන උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන සජීවී ඩිජිටල් සිතියම් හරහා නගර සැලසුම්කරුවන්ට රථවාහන ගමනාගමනය, සේවා කලාප සහ පදිකයින්ගේ ගමන් රටා ඉතා නිවැරදිව නිරීක්ෂණය කළ හැකිය. මෙමගින් භාණ්ඩ බෙදාහැරීමේ සහ ප්‍රවාහන සේවාවල ගමන් කාලය 15% කින් සහ ඉන්ධන පරිභෝජනය 20% කින් පමණ අඩු කර ගැනීමට හැකි වී තිබේ. එසේම, රථවාහන සංඥා, කැමරා සහ සංවේදක (Sensors) හරහා ලැබෙන දත්ත මගින් නාගරික තීරණ ගැනීමේ වේගය 40% කින් පමණ වේගවත් වන බව වාර්තා වේ.
තවද, ‘Digital Twins’ හෙවත් නගරයක ත්‍රිමාණ (3D) අනුරූ හරහා රථවාහන අනතුරු, මාර්ග වසා දැමීම් සහ යටිතල පහසුකම් වෙනස්කම් සිදු කිරීමට පෙර ඒවායේ බලපෑම අත්හදා බැලීමට (Simulation) බලධාරීන්ට අවස්ථාව ලැබේ. මේ හරහා ගිලන් රථ වැනි හදිසි සේවාවල ප්‍රතිචාර දැක්වීමේ කාලය 20% කින් අඩු කර ගැනීමටත්, බලශක්ති පරිභෝජනය 20% කින් පමණ පාලනය කිරීමටත් හැකියාව ලැබී ඇත. දත්ත මත පදනම් වූ මෙම නවීන කළමනාකරණය හරහා අනාගත නගර වඩාත් ආරක්ෂිත, පිරිසිදු සහ විශ්වාසදායක සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත්වනු ඇත.














