• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Uber සහ Robin Hood Army සුවිශේෂී සමාජ මෙහෙවරක

10 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Uber සහ Robin Hood Army එක් වී, ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.

Uber යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන හා ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන අතර, Robin Hood Army යනු අරමුදල් ලබා නොගන්නා ස්වේච්ඡා සංවිධානයකි. මෙම වැඩසටහන හරහා, කොළඹ ප්‍රදේශයේ දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වියළි ආහාර එක්රැස් කිරීම හා බෙදාදීම සිදුකෙරෙනු ඇත.

සැප්තැම්බර් මාසයේ සිට Uber Eats app හරහා මෙම වැඩසටහනට වියළි ආහාර ද්‍රව්‍ය කට්ටල පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන්ට අවස්ථාව හිමි වේ. කොළඹ නගරය තුළ පිහිටුවා ඇති RHA ස්වේච්ඡා මධ්‍යස්ථාන මගින් මෙම ආහාර ද්‍රව්‍ය එක්රැස් කෙරෙනු ඇත. පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගයන්ට සමාන වටිනාකමකින් යුත් වියළි ආහාර මෙම වැඩසටහනට පරිත්‍යාග කිරීමට Uber Eats ද කටයුතු කරනු ඇති අතර, ‘රොබින් වරුන්’ ලෙසින් හඳුන්වනු ලබන RHA ස්වේච්ඡා සාමාජිකයන් සෑම දිනකම එම ආහාර ද්‍රව්‍ය ජනතාව අතර බෙදාදෙනු ඇත.

“අපගේ සේවාවන් භාවිතා කරන ප්‍රජාවන් ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අත්වැලක් වීමට අප කැපවී සිටිනවා. මේ දුෂ්කර කාලසීමාවේදී පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් සහනයක් ලබාදීම සඳහා Robin Hood Army සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අප මහත් සතුටක්. ප්‍රෞඪ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්, මෙම ප්‍රජා සත්කාරයට දායක වන ලෙසත්, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්‍ය ශක්තිය හැකි උපරිමයෙන් ලබාදෙන ලෙසත් මා සියලුම දෙනාගෙන් මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා.” Uber Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.

“මේ අභියෝගකාරී කාලසීමාවේදී Uber සමග ඇතිකරගත් හවුල්කාරීත්වය ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස මා දකිනවා. මෙමගින් පීඩිත ජනතාවට සහනයක් වීමට ශ්‍රී ලාංකිකයන්ගේ සාමූහික ශක්තිය භාවිතා කිරීමට පුළුවන්. රට තුළ අතිශයින් ජනප්‍රිය Uber Eats app ඔස්සේ සැලකිය යුතු පරිත්‍යාගයන් ප්‍රමාණයක් එක්රැස් කිරීමට අපට හැකි වනු ඇතැයි කියා අප සිතනවා. එලෙස පරිත්‍යාග කරනු ලබන වියළි ආහාර, ඒවා ලැබීමට සුදුසු ජනතාවට පරිත්‍යාග කිරීමට අපගේ නියෝජිතයන් කටයුතු කරාවි. මේ මොහොතේදී පීඩාවට පත්වී සිටින සහෝදර ජනතාවට අත්වැලක් වීමට පෙරට එන මෙන් මා ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” Robin Hood Army සංවිධානයේ ශ්‍රී ලංකා ඒකකයේ ස්වේච්ඡා කණ්ඩායම් කළමනාකරණ ප්‍රධානී මොහොමඩ් හුසාම් හුසේන් මහතා පැවසී ය.

පරිත්‍යාග කළ හැක්කේ මොනවාද?

සහල්, පරිප්පු, සීනි, ටින් කළ ආහාර, කිරිපිටි, වියළි හල්මැස්සන් සහ ටින්මාළු ආදිය ඇතුළත් සම්මත ආහාර ද්‍රව්‍ය කට්ටල පරිත්‍යාග කළ හැක. රු. 1,000 සිට ඉහළට මෙම ආහාර ද්‍රව්‍ය කට්ටල මිල කර ඇති අතර, කොළඹ ප්‍රදේශයේ පිහිටි තෝරාගත් අලෙවිසැල් වලින් Uber Eats app හරහා ඒවා ඇණවුම් කළ හැකි වේ.

පරිත්‍යාග කරන ආකාරය

1. Uber Eats app හි Home Screen වෙත ගොස්, ලැබිය යුතු ලිපිනය ලෙස පහත සඳහන් RHA මධ්‍යස්ථාන අතරින් එකක් ඇතුළත් කරන්න.
• Robin Hood Army පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය – බත්තරමුල්ල
446, දුටුගැමුණු මාවත, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
• Robin Hood Army පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය – බොරලැස්ගමුව
33, නිව්ටන් සෙනෙවිරත්න මාවත, බොරලැස්ගමුව
• Robin Hood Army පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය – කොළඹ 09
57, මහවැල්ල හරස් පාර, කොළඹ
2. Uber Eats App තුළ තම ඡායාරූපය මත #DeliveringLove ලෙස සඳහන් කොළ පැහැති හදවත් සලකුණක් ප්‍රදර්ශනය කරන අලෙවිසැලක් තෝරාගන්න. නැතිනම් Uber Eats App තුළ #DeliveringLove billboard ටැප් කර, වැඩසටහනට දායක වන අලෙවිසැලක් සොයාගන්න.
3. අලෙවිසැලෙහි මෙනුවේ #DeliveringLove කාණ්ඩයට ගොස්, වියළි ආහාර කට්ටලයක් තෝරාගෙන එය ඔබේ Cart එකට එකතු කරන්න.
4. Checkout පිටුවට ගොස්, ලිපිනය පරීක්ෂා කර බලා තහවුරු කර, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම තෝරාගෙන ඔබේ ඇණවුම ලබාදෙන්න.
5. ඔබේ ඇණවුම RHA පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනගොස් භාරදෙන ආකාරය සිතියම භාවිතයෙන් නිරීක්ෂණය කරන්න.

 

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දරුණු වූ මුල් කාලයේ සිටම Uber විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීම සඳහා පියවර ගෙන තිබේ. මීට පෙරද අවලංගු කරන ලද ඇණවුම් පීඩාවට පත් පවුල් වෙත පරිත්‍යාග කිරීම සඳහා Uber සහ RHA එක්ව කටයුතු කර තිබේ. පසුගිය සතියේදී Uber මෙරට පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පරිත්‍යාග කළේ ය.

 

 

Post Views: 6
Previous Post

රනිල් ගෙවන්නේ බැසිල්ගේ ණයයි – ජවිපෙ අනුර

Next Post

රට බංකොලොත් කළ කපුටන් ඇමරිකාවට අරගල කළ තරුණයින් හිරගෙදරට – විපක්ෂනායක

editor

editor

Next Post

රට බංකොලොත් කළ කපුටන් ඇමරිකාවට අරගල කළ තරුණයින් හිරගෙදරට - විපක්ෂනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved