කිසිදු සාක්ෂියක් නොමැතිව සිදුකරන අත්අඩංගුවට ගැනීම් හමුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවා අද වන විට අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කිසිදු පදනමක් හෝ තහවුරු කළ සාක්ෂියක් නොමැතිව ප්‍රකාශ මත පමණක් පදනම්ව විපක්ෂයේ දේශපාලනඥයින් අත්අඩංගුවට ගන්නා ආකාරයටම, අගමැතිනියට ආණ්ඩුව තුළින් යම් තර්ජනයක් එල්ල වන බව පාලකයන්ට සිතුණහොත් ඇයටද කොමිස් මුදලින් කොටසක් ලැබුණු බවට ප්‍රකාශයක් හරහා ඇප නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙම ක්‍රමවේදය ඔස්සේ හැකියාව පවතින බවයි. සාක්ෂි විමර්ශනයකින් තොරව සිදුකරන මෙවැනි අත්අඩංගුවට ගැනීම් මගින් මෙරට නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර ඇත.














