සයිප්‍රස් දූපතේ පිහිටි බ්‍රිතාන්‍ය යුද කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව, එම කඳවුර මැදපෙරදිග මෙහෙයුම් සඳහා භාවිත කිරීමට අමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් අවසර ඉල්ලා නොමැති බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය තහවුරු කර තිබේ.
සයිප්‍රස්හි අක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කඳවුරේ (RAF) ධාවන පථයකට රාත්‍රී කාලයේදී ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරය ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද්දක් බවට සැක කෙරෙන අතර, ඉන් කඳවුරේ මෙහෙයුම්වලට බරපතල බාධාවක් සිදුව නොමැති බව විදේශ අමාත්‍යවරිය සඳහන් කළාය.
බ්‍රිතාන්‍යය අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරය මධ්‍යයේ වුවද කඳවුරේ සියලු මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි. කලාපීය යුදමය තත්ත්වය හමුවේ අමෙරිකානු ගුවන් යානා සඳහා මෙම කඳවුර භාවිත කිරීමට අවසර ඉල්ලා ඇතැයි පැතිර ගිය ප්‍රචාරයන් ඇය මෙහිදී ප්‍රතික්ෂේප කළාය. සයිප්‍රස්හි පිහිටි මෙම කඳවුරු බ්‍රිතාන්‍යයේ ස්වෛරී පාලනය යටතේ පවතින බැවින් ඕනෑම විදේශීය මැදිහත්වීමකදී බ්‍රිතාන්‍යයේ පූර්ණ අනුමැතිය අවශ්‍ය වේ.












