දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදල (UNCDF) මෙරට රජය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මේ වෙනුවෙන් දිවයිනට පැමිණි තාක්ෂණික දූත පිරිස පසුගියදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ විපතට පත් ව්‍යාපාර සඳහා තිරසාර මූල්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමයි. නීඩා (NEDA) සහ කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙමඟින් අනාගත ආපදා අවදානම් අවම කරගනිමින් ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.














