27 April 2024
#දේශීය

යටින් ගේම් නැතිව කෙලින් එන්න – රනිල්ට මෛත්‍රී කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරමින් මාතර දෙවිනුවර සිට පැමිණි පා ගමනට මාතර බෝධිය අසලදී කුරුඳු පොලු යොදාගෙන පහර දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනු දැනුම අනුව බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30) මාතර අධිකරණයේ ඊට අදාල නඩුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “එවකට අන්ත පරාජයකට එක්සත් ජාතික පක්ෂය ඇද දමා තිබු රනිල් වික්‍රමසිංහට නායකත්වයෙන් යන්න කියලා බල කරමින් අපි දෙවිනුවර ඉඳන් ආපු පාගමනට මාතර බෝධිය ලඟදි පහර දුන්නේ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් නිසා බව අද වෙනකොට හෙළි වෙලා අවසන්,රනිල්ගේ මාධ්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මීට මාස කිහිපයකට කලින් රනිල් වික්‍රමසිංහ මහතාට ලියපු ලිපිය මගින් පැහැදිලිව මේ කතාව කියල තිබුනා.නමුත් රනිල් වික්‍රමසිංහ මෙයට ප්‍රතිචාර දක්වලා තිබුනේ නැහැ.එවකට එජාපයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර (රත්තරන්) මන්ත්‍රීතුමා අද ප්‍රකාශයක් කරමින් කියා සිටියා මේ පහරදීම පසුපස හිටියේ රනිල් වික්‍රමසිංහ බව.

නමුත් වික්‍රමසිංහ මහතා අද ඒ වගකීමෙන් මිදෙන්න හදනවා. අපි පැහැදිලිවම කියනවා වික්‍රමසිංහ මහත්තයට යටින් ගේම් ගහන්නේ නැතුව කෙලින් ඇවිත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා.අද එජාපයේ පාක්ෂිකයන් අසරණ වෙලා,මේ නඩුවට එන මිනිස්සුන්ට තේ කෝප්පයක් අරන් දෙන්න කෙනෙක් නැහැ.මංගල සමරවීර ඇමතිවරයා නඩුවට ඇවිත් වාහනයේ නැගලා මාරු වෙනවා.ඒ නිසා අද එජාපයේ පාක්ෂිකයන්ට වගකියන්න කෙනෙක් නැහැ.අද එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමාත් මේ නඩුව බලන්න ආවා.එතුමත් පැහැදිලිව ප්‍රකාශ කරා මාධ්‍යට මේ නඩුව විසඳගන්න නායකයන්ට මැදිහත් වෙන්න කියලා.අද නඩුවට හැට ගානක් ඉන්නවා,කෝ මේ මිනිස්සුන්ට රැකවරණයක්,බොරුවට ජනප්‍රිය වෙන්නත් තමන්ගේ නායකත්වය රැකගන්නත් කරපු වැඩ නිසා අද එජාප පාක්ෂිකයා බිල්ලට දීලා” යැයි ගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *