ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC ආයතනය, සිය නවතම Mitsubishi Destinator සුඛෝපභෝගී SUV රථය රුපියල් මිලියන 24.95ක සුවිශේෂී හඳුන්වාදීමේ මිලකට මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. වැඩි ඉඩකඩක් සහ ඉහළ ආරක්ෂාවක් අපේක්ෂා කරන වෘත්තිකයන් මෙන්ම පවුලේ අවශ්‍යතා සඳහා ද ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති මෙම රථය, 1.5-ලීටර් Turbocharged එන්ජිමකින් සමන්විත වන අතර එය 163 BHP බලයක් සහ 250 Nm ක ව්‍යාවර්ථයක් නිපදවීමට සමත් වේ.
ශ්‍රී ලංකාවේ විවිධ මාර්ග තත්ත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් ‘Normal’ සිට ‘Mud’ දක්වා වූ ධාවන මාදිලි පහකින් සහ විශේෂිත Suspension පද්ධතියකින් මෙම රථය බලගන්වා ඇත. ආරක්ෂාව අතින් ASEAN NCAP තරු 5 ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති මෙහි, වායු බෑග් 6ක් සහ ‘Intelligent co-pilot’ ඇතුළු දියුණු ආරක්ෂක පද්ධති රැසක් ඇතුළත් වේ. මීට අමතරව, අඟල් 12.3ක ස්පර්ශක තිරයක් සහිත ඩිජිටල් පාලන මැදිරිය, Yamaha Premium ශබ්ද පද්ධතිය සහ පරිදර්ශක සන්රූෆ් එක මගින් මගීන්ට සුපිරි ධාවන අත්දැකීමක් ලබා දෙයි.
මෙම රථය ජාත්‍යන්තර සම්මානයෙන් පවා පිදුම් ලැබූවක් බව පෙන්වා දෙන United Motors Lanka PLC හි ප්‍රධාන විධායක නිලධාරී චානක යටවර මහතා, Mitsubishi සන්නාමයේ විශ්වසනීයත්වය සහ තම ආයතනයේ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සමඟින් මෙම රථය පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් ලබා දෙන බව අවධාරණය කළේය. වැඩිහිටියන් හත් දෙනෙකුට එකසේ සුවපහසුව ගමන් කළ හැකි මෙම රථය දැන් දිවයින පුරා පිහිටි United Motors ප්‍රදර්ශනාගාර මගින් පරීක්ෂණ ධාවනයන් සඳහා ද විවෘතව පවතී.














