කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සුපිරි වෙළඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙම සුවිශේෂි අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් යන මහත්වරුන් ද ඔනාලි හෝල්ඩිංග්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්හි සභාපති ආර්චි වර්මන්, කළමනාකාර අධ්යක්ෂ හාර්ඩි ජමල්ඩීන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
Lanka Realty Investments Public Limited Company 2020 වසරේ දී Unity Plaza හි හිමිකාරිත්වය දරන On’ally Holdings PLC සමාගමේ 51%ක කොටස් හිමිකර ගැනීමෙන් අනතුරුව මෙම නව්‍යකරණය සිදු කෙරිණි. ඒ අනුව Unity Plaza වර්තමානය වන විට තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්තයකු බවට පත් ව ඇත.
Lanka Realty Investments PLC සමාගමේ ගාමක බලවේගයන් වන ආර්චි වර්මන් සහ හාර්ඩි ජමල්ඩීන් යන මහත්වරු, සමාගමේ විධායක අධ්‍යක්ෂිකා දර්ශනී සර්වේෂ්වරන් මහත්මිය ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණ කණ්ඩායම සමඟ එක්ව Unity Plaza හි අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි.
එමෙන් ම ඔවුන්ගේ දැක්ම වන්නේ, නව්‍යකරණය පිළිබඳ ව රජයේ ප්‍රතිපත්ති සඳහා සහයෝගය ලබා දෙමින්, Unity Plaza මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ආශ්රිත කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි.
මෙම සාර්ථක ගමන් මඟ වෙත විශ්වාසයෙන් යුතු ව සහය වූ සියලු දෙනාට Unity Plaza කළමනාකාරිත්වය ස්තුතිය පුද කර සිටියි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි Unity Plaza නවෝත්පාදන ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවට හොඳ ම උදාහරණයකි.
PR