27 April 2024
#දේශීය

කිරිඇල්ල ජනපතිගෙන් බැංකු දෙකක් ඉල්ලයි .. නොදුන් නිසා …. ‍(update)

අත්අඩංගුවට පත් සැකකරුවන් වන්නේ අමාත්‍ය කිරිඇල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය බවත් ඔවුන් මාධ්‍ය අංශය නියෝජනය කරමින් සිටින බණ්ඩාර සහ සම්පත් කුමාර නම් අය වේ.  ජනාධිපතිවරයා සමීපතම පුද්ගලයෙකු පැවසුවේ පසුගිය දිනක ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් තමාගේ අමාත්‍යංශය යටතට බැංකු දෙකක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

එයට ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වු හෙයින් මෙම පලිගැනීම සිදු කර ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇති ලිපිවල ජනාධිපතිවරයාට විවිධ අන්දමින් චෝදනා කරමින් දෝෂාරෝපණය කරමින් තිබේ.

පෙර පුවත 

ඇමැති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් අත්අඩංගුවට ( 2019-05-02 20:49:55)

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු කොටුව පොලිසිය මඟින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයින් තිදෙනා අද පස්වරුවේ ලිපි කිහිපයක් තැපැල් කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වු බවයි. 

මොවුන් තිදෙනා ලිපි කිහිපයක් විහාරස්ථාන 800 කට යෑවීම සඳහා තැපැල් මුලස්ථානයට පැමිණ ඇති බවත් එහිදී එම නිලධාරින්ට සැකයක් මතුව ඔවුන්ගෙන් ප්‍රශ්ණ කර ඇති අතර එම ලිපි විවෘත කර තිබේ. එහිදී දැක ගන්නට හැකිව ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව විහාරස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති ලියුම් බවයි.

ඒ පිළිබඳ තැපැල් මුලස්ථානයේ නිලධාරින් විසින් කොටුව පොලිසිය වෙත දැනුම් දී ඇති අතර එහිදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අමාත්‍ය කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ අය බව අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *