හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආසන්නයේ පිහිටි ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රාත්තල් 5,000ක බරින් යුත් ප්‍රබල බෝම්බ (Deep Penetrator Munitions) යොදාගෙන සාර්ථක ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) අද (18) නිවේදනය කළේය.
ඉරාන වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථාන තුළ ජාත්‍යන්තර නැව් ගමනාගමනයට තර්ජනයක් විය හැකි නෞකා නාශක කෲස් මිසයිල (Anti-ship Cruise Missiles) රඳවා තිබූ බවත්, එම තර්ජනය ඉවත් කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බවත් අමෙරිකානු හමුදාව පවසයි
භූගතව පිහිටි ඉලක්ක විනාශ කළ හැකි විශේෂිත “ගැඹුරට විනිවිද යන” (Deep Penetrator) බෝම්බ මෙහිදී භාවිතා කර ඇති අතර ඉන් ඉරානයේ මිසයිල ගබඩාවලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ
හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා වන ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන බැවින් එම කලාපයේ පවතින මෙම යුදමය තත්ත්වය ගෝලීය බලශක්ති සැපයුමට සහ වෙළඳපොළට සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති
අලි ලාරිජානි ඝාතනයෙන් පසු ඉරානය විසින් අමෙරිකානු ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති අතර කලාපය පුරා පූර්ණ යුදමය වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී තිබේ
















