පසුගිය පැය 72 පුරා ඉරාන ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර මාලාව පිළිබඳව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විශේෂ අනාවරණයක් සිදු කර තිබේ. එහිදී ඔහු සඳහන් කළේ අමෙරිකානු බෝම්බ හෙළන යානා මඟින් ඉරානයේ උපායමාර්ගික ඉලක්ක 200කට ආසන්න සංඛ්‍යාවකට සාර්ථකව පහර දී ඇති බවයි.
මෙම මෙහෙයුම්වලදී ඉරාන නෞකා 30කට අධික සංඛ්‍යාවක් මුහුදේ ගිල්වා දැමීමට අමෙරිකානු හමුදාව සමත් වී ඇත. විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධ සමයේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවක ප්‍රමාණයට සමාන දැවැන්ත ඉරාන ඩ්‍රෝන ප්‍රවාහක නෞකාවකට ද ප්‍රහාර එල්ල කර ඇති අතර, එය මේ වන විටත් දැඩි ලෙස ගිනි ගනිමින් පවතින බව අද්මිරාල්වරයා තහවුරු කළේය. මැදපෙරදිග කලාපයේ පවතින මෙම දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.














