එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් M/T Downy, M/T Stark 1 සහ M/T Kylo යන බොරතෙල් ප්‍රවාහන නෞකා 3ට ප්‍රහාර එල්ල කර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ප්‍රතිචාර වශයෙන්, IRGC බලකාය විසින් හෝමුස් සමුද්‍රසන්ධිය සහ කලාපීය මුහුදු සීමාවේ පට්‍රෝල් නිරතව සිටි ඇමෙරිකානු යුද නෞකා ඉලක්ක කර බැලැස්ටික් මිසයිල කිහිපයක් මුදාහැර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ජාත්‍යන්තර පුවත් සේවා තහවුරු කරයි.
එක්සත් ජනපද මධ්‍යම විධානය නිකුත් කළ නිවේදනයකට අනුව, ඉරාන IRGC බලකාය විසින් ඇමෙරිකානු ගුවන් යානා ගෙනියන නෞකාවක් සහ මිසයිල විනාශකාරී නෞකාවක් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, ඇමෙරිකානු නෞකා අදාළ මිසයිල ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත්ව ඇත. මෙම ගැටුමෙන් ඇමෙරිකානු නාවික හමුදා නිලධාරීන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවද CENTCOM තහවුරු කරයි.
කෙසේ වෙතත්, ඉරානය විසින් ඇමෙරිකානු යුද නෞකාවලට එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව දැඩි ආර්ථික හා හමුදාමය වන්දියක් අයකර ගන්නා බවත්, ඉරානයේ සීමිත තෙල් නැව් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පසුබට නොවන බවත් CENTCOM ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් නැවත වතාවක් අවධාරණය කර සිටියි.














