ඉරානයට අයත් ‘අයිරිස් ඩෙනා’ යුද නෞකාවට ඉන්දියන් සාගරයේදී ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළ ඇමරිකානු සබ්මැරීනය තුළ ඕස්ට්‍රේලියානු ජාතිකයින් තිදෙනෙකු සිට ඇති බවට අනාවරණය වී තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ස්කයි නිවුස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව තහවුරු කළ අතර, ඔවුන් දෙරට අතර පවතින හමුදා ගිවිසුමකට අනුව පුහුණුව සඳහා එහි රැඳී සිටි බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, අදාළ ඕස්ට්‍රේලියානු පුද්ගලයින් තිදෙනා ඉරානයට එරෙහිව එල්ල කළ කිසිදු සෘජු ප්‍රහාරාත්මක ක්‍රියාවකට සම්බන්ධ නොවූ බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. පෙරේදා අලුයම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 87 දෙනෙකු මියගිය අතර තවත් 32 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ අතර තවත් පිරිසක් අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාවේ මැදිහත්වීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.














