ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කරන දැවැන්ත හමුදා මෙහෙයුම් මධ්‍යයේ, දකුණු ඉරානයේ මිනාබ් නගරයේ පිහිටි ‘ෂජරේ තයියෙබේ’ (Shajareh Tayyebeh) බාලිකා ප්‍රාථමික පාසලට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සිසුන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරන පරිදි මියගිය සිසුන් වයස අවුරුදු 7ත් 12ත් අතර පසුවන්නන් වන අතර, තවත් සිසුන් 60කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය වසර ගණනාවක් පුරා ලොව පුරා මෙහෙයවූ මනුෂ්‍ය ඝාතන ව්‍යාපාරය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි. ඉරාන පාලනය පෙරළා දැමීම අරමුණු කරගත් මෙම මෙහෙයුමේදී සිදුවන සිවිල් මරණ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, ඉරානය මෙය “නින්දිත ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හඳුන්වා තිබේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පාසල තුළ සිසුවියන් 170ක් පමණ රැඳී සිට ඇති අතර, සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටිය හැකි බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් බිය පළ කරති.
මෙම සිද්ධියත් සමඟ මැදපෙරදිග කලාපය පුරා යුධ ගිනි දැල් තවදුරටත් ව්‍යාප්ත වී ඇති අතර, ඉරානය විසින් ඊශ්‍රායලය සහ පර්සියානු බොක්කේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රතිප්‍රහාර දියත් කරමින් පවතී.
















