ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලදී ගොඩබිම පදනම් කරගත් බැලැස්ටික් මිසයිල (Ballistic Missiles) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරයි. යුද්ධය ආරම්භයේදීම ඇමරිකානු හමුදාව විසින් ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුත් ‘ප්‍රෙසිෂන් ස්ට්‍රයික්’ (Precision Strike Missiles) මිසයිල ප්‍රථම වරට මෙහෙයුම් සඳහා භාවිතා කර ඇති අතර ඒවා පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි මිත්‍ර රටවල සිට දියත් කර ඇති බව සැක කෙරේ. මීට අමතරව ‘ඇටෑකම්ස්’ (ATACMS) වර්ගයේ මිසයිල භාවිතා කරමින් ඉරාන නාවික හමුදාවට අයත් යුද නැව් සහ වරායේ නවතා තිබූ සබ්මැරීනයක් පවා විනාශ කිරීමට ඇමරිකාව සමත්ව ඇත. මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට නිරන්තරයෙන් ලක්වන ගල්ෆ් කලාපීය රටවල් ආරක්ෂා කිරීමේ අරමුණින් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.













