27 April 2024
#විදෙස්

අමෙරිකා ජනපති සටන ඇරඹෙයි … 

ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීම අද (03) ආරම්භ වීය.

ඒ අනුව අතර වදින්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වදින්නේ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න්ය.

ජාතික මට්ටමේ මත විමසුම්වලට අනුව ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියත්, තියුණු තරගයක් පැවතිය හැකි ප්‍රාන්තවල ප්‍රතිඵලය මත මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා තීරණය කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පල කරයි.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතුයි. කෙසේ වෙතත් අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මෙන්ම මරණ ගණන ද ඉහළ ගිය අවස්ථාවකදී ජනතාවගේ මතය කෙතද යන්න කිව නොහැකි තත්ත්වයක පවතින බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *