ඉරානය සමඟ කිසිදු ගිවිසුමකට එළැඹීමට තමන් මේ මොහොතේ සූදානම් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉරානයට ගිවිසුමක අවශ්‍යතාව පැවතියද, ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන බවයි. ඕනෑම අනාගත ගිවිසුමකදී ඉරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටවල් කිහිපයක් දැනටමත් කැපවී සිටින බව පැවසූ ට්‍රම්ප්, එම රටවල් මොනවාදැයි හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය. මේ අතර, ඉරාන තෙල් අපනයනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපත (Kharg Island) ඇමරිකානු ප්‍රහාර හමුවේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. තවදුරටත් දැඩි ස්ථාවරයක පසුවන ඔහු ප්‍රකාශ කළේ අවශ්‍ය වුවහොත් එම ස්ථානයට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව පසුබට නොවන බවයි.














