• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත නොකරන්න – ඇමැති ප්‍රසන්න

26 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන මාර්ගෝපදේශකයින් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී ඇත.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සංචාරක ව්‍යාපාරය ක්‍රමවත් කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයින් සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන යන වැඩපිළිවෙළ හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම මාර්ගෝපදේශකයින් ගේ දැනුම හා කුසලතාවය වර්ධනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමය යටතේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධන පාඨමාලාවක් හඳුන්වාදීම ද මෙහිදී සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ” කොරෝනා වෛරස තත්ත්වයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය දෙස අලුතෙන් බලන්න සිද්ධ වෙනවා.මේ හේතුවෙන් සෑම රටක්ම සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව ක්‍රමවේද වලට අවතීර්ණ වෙමින් සිටිනවා. කොවිඩ් නිසා නතර නොවී සංචාරක ක්ෂේත්‍රය ‍ඉදිරියට ගෙන යන්න වෙනවා. ඒ සඳහා සංචාරකයන් වෙනුවෙන් උසස් තත්වයේ සේවා සපයන (quality tourism) ක්‍රමයක් සකස් කල යුතුව තිබෙනවා. සංචාරකයන් ගෙන් ලබාගන්නා මුදලට සරිලන සේවයක් සංචාරකයින් වෙනුවෙන් ලැබුණෙ නැත්නම් රටේ කීර්තිනාමයට හානි වෙනවා. සංචාරක මාර්ගෝපදේශකයින් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදෙන මේ වැඩපිළිවෙළ කාලෝචිතයි. මේ යටතේ මාර්ගෝපදේශකයින් සඳහා වර්ණ සහිත නව හැදුනුම්පතක් ලබා දෙනවා.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මෙහි එක් අරමුණක්. මේ වෙනකොට සංචාරක මාර්ගෝපදේශකයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික තලයේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 1580ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඔවුන්ට කොළ පැහැති හැදුනුම්පතක් ලබා දෙනවා. රියදුරු සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස ලියා පදිංචි වී සිටින මාර්ගෝපදේශකයින් 1336කට කහ පැහැති හැඳුනුම්පත ලැබෙනවා. ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස මාර්ගෝපදේශකයන් 747 ලියා පදිංචි වී සිටිනවා. ඔවුන්ට දුඹුරු පැහැති හැඳුනුම්පත ලැබෙනවා. ස්ථානීය මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස ලියාපදිංචි වී සිටින 93න් දෙනාට රතු පැහැති හැඳුනුම්පත ලැබෙනවා.මේ හැඳුනුම්පත් වල කිව්.ආර් කෝඩ් එක මඟින් මාර්ගෝපදේශකයා පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව සංචාරකයාට හිමිවෙනවා. විදේශීය සංචාරකයෙක්ට තමන් සමග සිටින මාර්ගෝපදේශකයා පිළිබඳ හොද හෝ නරක සම්බන්ධයෙන් මේ හරහා දැනුවත්වීමට හැකියාව ලැබෙනවා.

ඉස්සර වගේ දැන් සංචාරකයින්ට බොරු කරන්න බැහැ. අන්තර්ජාලය ඔස්සේ පලවෙන ලිපි අධ්‍යයන කරලා ඒ අය ලංකාවට එන්නේ. සංචාරකයින්ගේ චෝදනා විමර්ශනය කර සංචාරක හැඳුනුම්පත අවභාවිතා කරන අය හඳුනා ගැනීමේ හැකියාව අපට හිමිවෙනවා.

අපේ රජය බලයට පත්වන විට සංචාරක සේවා ආයතන නිසි ලෙස ලියාපදිංචිය කර තිබුණේ නැහැ. විසි දෙදහසක් පමණ සංචාරක සේවා ආයතන තිබුනත් ලියාපදිංචි කර තිබුණේ ආයතන දෙදහසක වගේ ප්‍රමාණයක්. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ පසුබෑමක් සිදු වුණත් එය කඩිනම් කර ගත යුතුයි. ලියාපදිංචි ක්‍රමවේදය සරල කිරිමත් සමග මෙම ආයතන ලියාපදිංචි කිරීම 30% පමණ ඉහළ ගොස් තිබෙනවා.

එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමග සංචාරක ව්‍යාපාරය නව ප්‍රවේශයකින් ආරම්භ කිරීම අපේ අපේක්ෂාවයි. සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත වූවන්ට එන්නත් කිරීමේ වැඩපිළිවෙළ මේ වෙනකොට සාර්ථකව කරගෙන යනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව අපේ රටට සංසරණ සීමා පනවා ඇති රටවල සංචරණ සීමා ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. සංචාරක ව්‍යාපාරය හැකි ඉක්මනින් පෙර පැවති තත්ත්වයට වඩා හොඳ තැනකට ගෙන ඒම අපේ අරමුණයි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති හා තත්ව ආරක්ෂණ අංශයේ 2020 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාව එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණ අතර සංචාරක සේවා සපයන ආයතන, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වීඩියෝ මාලාවක් හඳුන්වා දීම ද සිදුවිය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 1
Previous Post

ජනතාවට සහන දෙන්න බැසිල් අපට උපදෙස් දෙනවා – රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Next Post

කොළඹ මහා නගර සභා වරිපනම් බදු ගෙවීමේ කාලය දිර්ඝ වෙයි

editor

editor

Next Post

කොළඹ මහා නගර සභා වරිපනම් බදු ගෙවීමේ කාලය දිර්ඝ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved