• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ සහතිකය අනිවාර්යයි – කැනේඩියානු මහ කොමසාරිස්

4 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‍කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) පවසයි.

මහකකොමසාරිස්වරයා මේ බව පැවසුවේ අද (04) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වු අවස්ථාවේදිය.

මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය පැතිරීම වළක්වා ගැනීමට යහපත් පියවරක් වී ඇතැයි මහ කොමසාරිස්වරයා පැවසිය.

මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියද එක්ව සිටියාය. මෙහිදී මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය හා කැනේඩියානු රජය එක්ව පරිත්‍යාග කිරීම සිදු විය.

“බූස්ටර්” එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත් එය ඉදිරියේදී අනෙකතුත් කණ්ඩායම් වලටද ලබා දෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් කැනේඩියානු මහ කොමසාරිස්වරයා කියා සිටියේය. ශ්‍රී ලංකාව එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා යහපත් අයුරින් කළමණාකරණය කරමින් ඉතා සාර්ථක මට්ටමක පවත්වා ගෙන යාමට හැකි වී ඇතැයිද කැනේඩියානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල අතිශය සාර්ථක බවත්
එහි ආදර්ශය ලෝකයට ගෙන යා හැකි බවත් පෙන්වා දුන්නාය. කොවිඩ් ව්‍යසනයට පමණක් නොව අනෙකුත් රෝගී තත්ත්වයන් සඳහාද මෙවැනි ප්‍රතිකාර වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ඉතා වැදගත් බවද එමගින් රෝහල්හි පවතින අනවශ්‍ය තදබදය අවම කිරීමට හැකි වනු බවයි.

මෙම හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, කොවිඩ් වසංගතය තුළ රෝගයෙන් ආරක්ෂා වීම තමන් සතු වගකීමක් වන අතරම එය තවත් පුද්ගලයෙකු කරා පැතිරවීම වළක්වාලීමේ වගකීමද ඔහු සතු වන බවත් එවැනි පසුබිමක් තුළ පොදු ස්ථානයන්හිදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා යහපත් තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

මේ වන විට යුරෝපානු රටවල් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල ඉතා යහපත් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකාවේද එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අධ්‍යයනයක යෙදෙන බවත් රඹුක්වැල්ල මහතා පැවසිය.

විශේෂයෙන් මෙරට ක්‍රියාත්මක කෙරෙන ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල ලැබූ ඉහළ සාර්ථකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධානයටද ප්‍රණාමය හිමිවිය යුතු යැයිද ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් දැඩි කැපකිරීමකින් ක්‍රියා කළේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Post Views: 0
Previous Post

ඉන්දිය පොහොර අස්සේ කෝටි 800 වංචාවක් – හිටපු ඇමැති පාඨලි

Next Post

මාතලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජනතාව පිඩාවට

editor

editor

Next Post

මාතලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජනතාව පිඩාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved