27 April 2024
#දේශීය

එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය අපතේ යාමක් සිදු නොවීමටනම් සංචරණ සීමා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

කෙසේ වෙතත් ජනතාව හැසිරෙන ආකාරය අනුව එන්නත්කරණයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වේද යන සැකය මතු ව ඇති බව ඇය පැවසිය.

මෙම වසංගතය පාලනය කිරීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බවත් ජනතා සහයෝගය ද ඉතාමත් අවශ්‍ය බවත් වෛද්‍යවරිය පැවසිය.

ඇය සඳහන් කරන්නේ තවමත් මෙහි භයානකත්වය මෙතෙක් පහව ගොස්නැති අතර සංචරණ නීති ක්‍රියාත්මක කාලය තුළ රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දැකගත හැකි වන්නේ ඉදිරියේදී බවයි.

ඉන්දියාවේ,ඇමෙරිකාවේ සහ එංගලන්තයේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බැවින් එය අප රට තුළ පැතිර යාම වළක්වා ගැනීමට ගුවන්තොටුපොල වරාය වැනි ස්ථාන වඩාත් සුපරික්ෂාකාරීව කටයුතු කල යුතු බවටත් ඒ ආශ්‍රිතව කටයුතු කරන පිරිස් වඩාත් ප්‍රවේශම්වනු ලෙස විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *