ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ක්‍රිස් ගේල්ගේ ලකුණු 175 වාර්තාව බිඳ දැමීම තමන්ගේ බලාපොරොත්තුව බව 14 හැවිරිදි යොවුන් ක්‍රීඩක වයිභව් සූර්යවංශි (Vaibhav Suryavanshi) පවසයි. නවදිල්ලියේ පැවැති BCCI නාමන් සම්මාන උළෙලේදී ඔහු මේ බව සඳහන් කළේය.
ඕවරයකට හයේ පහර 6ක් එල්ල කිරීම, වේගවත්ම IPL ශතකය වාර්තා කිරීම හෝ ක්‍රිස් ගේල්ගේ ලකුණු 175 වාර්තාව බිඳ දැමීම යන අභියෝග අතුරින් ඔහු වඩාත් කැමති කුමකටදැයි විමසූ අවස්ථාවේදී ඔහු ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කළේ ලකුණු 175 වාර්තාව බිඳ දැමීමට තමන් කැමති බවයි. 2013 වසරේදී ගේල් විසින් පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 66කදී නොදැවී රැස් කළ මෙම ලකුණු 175 වාර්තාව වසර 13ක් තිස්සේ නොබිඳී පවතී.
මෙවර IPL තරඟාවලියේදී රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායම නියෝජනය කරන වයිභව්, සිය කණ්ඩායමට ශූරතාව දිනා දීම තමන්ගේ මීළඟ ප්‍රධාන අරමුණ බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














