• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC Junior ගිණුමෙන් මෙවරත් වටිනා අවුරුදු තෑගි

20 April 2023
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

“DFCC Junior” ගිණුම හරහා දරුදැරියන්ට තෑගි පිරිනමන අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.

දරුවන් කුඩා අවධියේදීම ඉතිරි කිරීමට යොමුකරවීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් DFCC Junior ගිණුම් හිමි දරුවන්ට වටිනා තෑගි පිරිනමනු ලබයි.

මෙවර “DFCC Junior” අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේදී රු. 10,000/-, 25,000/-, 40,000/-, සහ 50,000/- මුදල් තැන්පතු සඳහා පිළිවෙළින් රු. 1,000, 2,000, 3,000, සහ 4,000 බැගින් වන DSI තෑගි වවුචර හිමිවනු ඇත. 2023 අප්‍රේල් 30 දින දක්වා වලංගු වන මෙම දීමනාව, දැනටමත් “DFCC Junior” ගිණුමක් හිමි දරුවන්ට මෙන්ම අලුතින් “DFCC Junior” ගිණුම් ආරම්භ කරන දරුවන්ටද හිමි වන අතර, දිවයින පුරා විසිරුණු DFCC බැංකු ශාඛා 139 අතරින් ඕනෑම ශාඛාවකදී ලබාගත හැකි වේ.

පෞද්ගලික මට්ටමින් මෙන්ම සමාජයක් වශයෙන් ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසී ය. “ඉතිරි කිරීම් මගින් අපගේ ජීවිත වඩාත් යහපත් වනවා වගේම, එය රටේ ආර්ථිකයත් ශක්තිමත් කරනවා. වඩාත් සාර්ථක ලෙස ඉතිරි කිරීමට නම්, එය පුරුද්දක් ලෙස නිතිපතා සිදුකළ යුතු වන අතර, ඒ සඳහා ජීවිතයේ මුල් කාලයේදීම එම පුරුද්ද ඇතිකරගැනීම වැදගත්. “DFCC Junior” ගිණුමේ මූලික අරමුණ වන්නේ මෙයයි. දරුවන් වැඩි වැඩියෙන් ඉතිරි කිරීමට පෙළඹවීම සඳහා මේ ආකාරයට අලුත් අවුරුදු සමයේ ඔවුන්ට ත්‍යාග පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. තම දෙමාපියන් හෝ භාරකරුවන් සමග ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත පැමිණ ඉතුරුම් ගිණුමක් ආරම්භ කරන මෙන් අප අවුරුදු 15 ට අඩු දරුදැරියන් සියලුම දෙනාට ආරාධනා කරනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.

DFCC බැංකුව මේ වනවිට දරුවන් වෙනුවෙන් “DFCC Junior” සහ “DFCC Teen” නමින් ගිණුම් දෙකක් හඳුන්වා දී තිබේ. දරුවන් තුළ කුඩා අවධියේ සිටම ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකිරීම ඉලක්ක කරගත් “DFCC Junior” ගිණුම ඔවුන්ට විවිධ අවස්ථාවලදී ත්‍යාගද පිරිනමන අතර, දෙමාපියන් හෝ භාරකරුවන් සමග DFCC බැංකු ශාඛාවක් වෙත පැමිණෙන ඕනෑම දරුවෙකුට “DFCC Junior” ගිණුමක් විවෘත කළ හැකි වේ.

අවුරුදු 13 ත් 18 ත් අතර දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති “DFCC Teen” ගිණුම, දරුවන්ට විධිමත් ලෙස මූල්‍ය ස්වාධීනත්වය හුරු කරවන අතර, එය ඔවුන්ට දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමට ලැබෙන අගනා අවස්ථාවකි.

මීට අමතරව DFCC බැංකුව ඉහළ පොලියක් සහිත දීර්ඝකාලීන ස්ථාවර තැන්පතු, “DFCC Xtreme Money Market” Savings වැනි ඉතුරුම් ගිණුම්, වැටුප් ලබන වෘත්තිකයන් සඳහාම වෙන්වුණු “DFCC Winner” ගිණුම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති “DFCC ගරු සරු” ගිණුම සහ කෙටිකාලීන ස්ථාවර තැන්පතු වැනි සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. මේ සියල්ල මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වඩාත්ම තරගකාරී අනුපාත සහ ප්‍රතිලාභ ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි.

 

පිටපත – PR

 

 

 

 

 

 

Post Views: 6
Previous Post

දරුවන්ගේ අනාගතය ගැන සියලුදෙනා ප්‍රවේසම් විය යුතුයි – මන්ත්‍රී සංජීව

Next Post

දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් පත් කෙරේ – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් පත් කෙරේ - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved