• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරුවන්ගේ අනාගතය ගැන සියලුදෙනා ප්‍රවේසම් විය යුතුයි – මන්ත්‍රී සංජීව

20 April 2023
in දේශීය

සෑම අයිතිවාසිකමක්ම නිසැක වශයෙන්ම යුතුකමක් එක්ක බැදි ඇති බවත් දරුවන්ගේ අනාගතය සම්බන්ධ කාරණාවේදි සියලුදෙනා මීට වඩා ප්‍රවේසම් වියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “අපිට මේ අවස්ථාවේ පේනවා පොදුවේ සමාජය දිහා බලද්දි අයිතිවාසිකම් හා යුතුකම් අතර ගැටීමක් තිබෙනවා. එය උසස් පෙළ දරුවන්ගේ උත්තර පත්තර ඇගයීම වැනි තැනකින් වුණත් මැනගන්න පුළුවන්. දේශපාලකයෝ විදිහට අපට හෝ මේ සමාජයේ කිසිදු පුරවැසියෙකුට හෝ සමාජ තීරුවකට යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ප්‍රශ්න කිරීමේ අයිතියක් නෑ. නමුත් අපිට පොදුවේ තීන්දු කරන්න වෙන, පිළිගන්න වෙන තැන තමයි සෑම අයිතිවාසිකමක්ම නිසැක වශයෙන්ම යුතුකමක් එක්ක බැදිලා තිබෙන්නේ. තමන්ගේ වෘත්තිය අයිතිවාසිකමක් වෙනු‍වෙන් සටන් කරන කණ්ඩායමක් අතින් උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය , ඒ දරුවන්ගේ අනාගතය එතනදි පලිගහක් විදිහට භාවිතා වෙනවානම් ඒ සම්බන්ධ ගැටුමක් තිබෙනවා. ඒ නිසා තමන්ගේ අයිතීන් දිනා ගන්නා ගමන් රටක, සමාජයක පොදු අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවෙන්න තියෙන ඉඩ සිරෝ කරන්න බැරිවෙයි. නමුත් එය අවම කරගැනීම වෙනුවෙන් යම් මැදිහත්වීමක් අප සියලුදෙනාටම අනිවාර්යයෙන් කරන්න වෙනවා. එහෙම නොවුනොත් සමාජයක් තුළ ඊට වඩා සංකීර්ණ ගැටුම්කාරි තත්වයක් ඇතිවෙන්න පුළුවන්. අපි දැක්කා කොවිඩ් ව්‍යසනය හේතුවෙන් පාසල් පවත්වා ගැනීම පිළිබඳව දීර්ඝකාලීන අර්බුදයක් තිබුණා. පාසල් ආරම්භ කිරීම පසු විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳව ප්‍රායෝගික ගැටලුසහගත තැන් මතු වුණා. නිසි කලකට විභාග පැවැත්වීම සම්බන්ධ අවුල් තිබුණා. මේ සියල්ල කොවිඩ් ව්‍යසනයෙන් පසු අවස්ථාවේදී කළමණාකරණය කරගන්න තියෙන තැනදි තමයි නැවත අධ්‍යාපනය ඉතාම නරක තැනකට, ගැටලුසහගත තැනකට තල්ලු කරන්නේ. සමහර විටක මෙය මහා ධනපති පංතියේ දරුවන් වෙන ජාත්‍යන්තර පාසලකට ගිහිල්ලා ලන්ඩන් එලවල් ලියලා ඒ දරුවන් සමහරවිට ජිවිතය ගොඩදාගනි. අපේ ගමේ අහිංසක දරුවන්ගේ ජිවිතය සහ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මෙතනදි මතුවෙන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ දරුවන්ගේ අනාගතය සම්බන්ධ කාරණාවේදි අපි සියලුදෙනා මීට වඩා පරිස්සම් වියයුතුයි සහ අයිතිවාසිකම සමඟ බැඳුණු යුතුකම සම්බන්ධව යම් ආකාරයකින්, අවබෝධයකින් කටයුතු කරන්න සිදු වෙනවා. ”යනුවෙන් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post Views: 3
Previous Post

ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරනවා – විපක්ෂ නායක සජිත්

Next Post

DFCC Junior ගිණුමෙන් මෙවරත් වටිනා අවුරුදු තෑගි

editor

editor

Next Post

DFCC Junior ගිණුමෙන් මෙවරත් වටිනා අවුරුදු තෑගි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved