27 April 2024
#දේශීය

කොවිඩ් මර්දන කටයුතුවලට දිස්ත්‍රික්ක 09 කට වෑන් රථ බෙදාදෙයි

කොවිඩ් මර්දන හා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව NISSAN URVAN වර්ගයේ වෑන් රථ 09 ක් පළාත් අතර බෙදාදිම අද (20) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශයේ දී සිදු කෙරිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank) මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ලැබුණු මෙම වෑන් රථ වල වටිනාකම රුපියල් ලක්ෂ 900 ක් පමණ වේ.

මෙම වෑන් රථ මධ්‍යම පළාතේ නුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහාත්, උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සදහාත්, ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහාත්, සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහාත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය පද්ධති වැඩි දියුණූ කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

Vans distributed to 09 districts for Covid crackdown

Pivithra Wanniarachchi, Minister of Health today (20) distributed nine NISSAN URVAN vans at the Ministry premises under the patronage of the Minister of Health with the aim of maintaining the control and control of Kovid and improving the health system.

These vans are valued at around Rs. 90 million and are funded by the Asian Development Bank (ADB) Health System Improvement Project and coordinated by the Ministry of Health.

The Ministry of Health has taken steps to provide these vans to the Kandy, Matale and Nuwara Eliya districts of the Central Province, the Anuradhapura and Polonnaruwa districts of the North Central Province, the Badulla and Moneragala districts of the Uva Province and the Ratnapura and Kegalle districts of the Sabaragamuwa Province.

Maj. Gen. Dr. Sanjeewa Munasinghe, Secretary General of Health, Dr. Asela Gunawardena, Director General of Health Services and Dr. Anil Dissanayake, Director of the Health System Improvement Project were also present at the occasion.

Leave a comment

Your email address will not be published. Required fields are marked *