• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කිරීම වැඩි ඈතක නෙමෙයි – කර්මාන්ත අමාත්‍ය විමල්

27 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය සිය මතුගම වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී 30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik Up රථය වෙළඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා ” කර්මාන්ත අමාත්‍යංශය අපි භාර ගත්තාට පසුව අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ ද කැපවීමෙන් ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) සකසා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එයට පූර්ණ අනුමැතිය ලබා ගැනීමට හැකිවුණා. එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම මගින් අපි බලාපොරොත්තු වුණේ දේශීය වශයෙන් වාහන නිපදවීමේ ප්‍රවණතාව, එහෙම නැතිනම් දේශීය වශයෙන් අගය වැඩි වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඉතාමත් ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යන්න. ඒ වනවිට රජය රට තුළ පැවැති ආර්ථිකමය විශේෂ හේතු මත වාහන ආනයනය නතර කර තිබුණා. ඒ නිසාම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අයට මෙන්ම යෙදී නොසිටි අයට මෙම ක්ෂේත්‍රය කරා අවතීර්ණ වන්න එයත් එක්තරා ආකාරයක අපේක්ෂා නොකළ උත්තේජනයක් වුණා.

සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් අපි සිදු කළේ මෙරට වාහන නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීතිරීති නිසි පරිදි සකසා දීමයි. එහෙම නැතිව එක් අයෙකුට එක විදිහක් තවත් අයෙකුට තවත් විදිහක් ලෙස නොවෙයි. එසේ නීතිරීති සකසා දුන්නාම මෙම කර්මාන්තයට පිවිසෙන ඕනෑම අයෙකු දන්නවා, තමන් දේශීය වශයෙන් අගය එකතු කරන ප්‍රමාණයට, බදු සහන කුමන මට්ටම්වලින්, කුමන ආකාරයට ද ලැබෙන්නේ, කියා. සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වා දුන්නාට පසුව අපේ හිතවත් නලින් වෙල්ගම මැතිතුමාගේ මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය වගේම වෙනත් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටි ආයතන කලින්ට වඩා ඉහළ දේශීය වශයෙන් අගය එකතු කිරීමකට ගමන් කරන්න පටන් ගත්තා. ඒ සමගම අපේ රටේ වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තය ඇතුළු කර්මාන්තවල නියැලී සිටි පිරිසට මෙම කටයුත්තට දායක වීමට අවස්ථාව ලැබුණා.

අද මේ එළිදක්වනු ලබන Bolero City Pik Up රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක දේශීය අගය එකතු කිරීමක් සිදු කර තිබෙනවා. එමගින් දේශීය වශයෙන් වාහන උපාංග නිපදවන පිරිසට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ තරුණ දරුවන්ට ඔවුන්ගේ තාක්ෂණික දැනුම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එකතු කිරීමට ද හැකිවී තිබෙනවා. ඒ ආකාරයට විශාල පිරිසකට මෙමගින් ප්‍රතිලාභ රැසක් ලැබෙන තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ නිසා ශ්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවෙයි. අපි ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට. මම හිතනවා මේ ආයතනයට ලබන අවුරුද්ද වනවිට මීටත් වඩා දේශීය අගය එකතු කිරීමක් සිදු කරන්න පුළුවන්කම තිබෙනවා, කියා. එමගින් දේශීය වශයෙන් නිපදවනු ලැබූ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා ගමන් කිරීමට අපට පුළුවන් වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. සම්මත මෙහෙයුම් පටිපාටියෙහි පවතින සුළු සුළු අඩුපාඩු නිවැරදි කරලා, විශේෂයෙන් අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයන්ට මේ ක්ෂේත්‍රයේ ආයෝජනයන් කිරීමට අවශ්‍ය වාතාවරණය, පහසුකම් තව තවත් දිරි ගැන්වෙන ආකාරයට සකස් කර දෙන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.” යැයි අමාත්‍ය වීරවංශ මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා, අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍ නොවැම්බර් 01 දා සිට – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

යුද්ධයට දිවි දුන් රණවිරුවන් සිහි කරමින් අග්‍රාමාත්‍යවරයාට පොපි මල පළඳවයි

editor

editor

Next Post

යුද්ධයට දිවි දුන් රණවිරුවන් සිහි කරමින් අග්‍රාමාත්‍යවරයාට පොපි මල පළඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved