27 April 2024
#දේශීය

මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍ නොවැම්බර් 01 දා සිට – සෞඛ්‍ය අමාත්‍යංශය

මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව එළඹෙන නොවැම්බර් 01 වන දා සිට ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.‍

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14 ½ ක එන්නත් තොග ඇනවුම් කර ඇතිබවත් එම එන්නත් ක්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසිය.

ඉදිරි මාස තුන හතර ඇතුළත බුස්ටර් එන්නත්. මෙරට අවශ්‍ය ජනතාව උදෙසා ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීය. රටෙහි ජනතාවට එන්නත් මාත්‍රා තුනම ලබා දීමට රජය කිසිදු මුදලක් ජනතාවගෙන් අය නොකල බවද, එහෙත් ඇතැම් රටවල් මුදල් අය කරමින් එන්නත් ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ යන මහත්වරුන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *