හෙට (20) පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුව සහ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති. තමන් වහන්සේ රෝගාතුරව රෝහල්ගත කර ඇති බවත්, ඒ හේතුවෙන් සමුළුව අවලංගු කර ඇති බවත් පවසමින් පතුරුවන ප්‍රචාරයන් ඇතැම් පිරිස් විසින් සිතාමතාම සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව උන්වහන්සේ පෙන්වා දෙති.
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, තමන්ට තවමත් ජාතිය සහ ආගම වෙනුවෙන් පෙනී සිටීමට ශක්තිය ඇති බවත්, හෙට පැවැත්වෙන සංඝ සමුළුවට අනිවාර්යයෙන්ම සහභාගී වන බවත්ය. පටු දේශපාලන හෝ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙවැනි අසත්‍ය තොරතුරු විශ්වාස නොකරන ලෙස උන්වහන්සේ මහා සංඝරත්නයෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.














