• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“වසත් සිරිය 2024” අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

18 April 2024
in දේශීය, පුවත්
“වසත් සිරිය 2024” අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව අප්‍රේල් 27 වන සෙනසුරාදා ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී සංවිධානය කර ඇති “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා/ කුමරිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අප්‍රේල් 23වනදා දක්වා දීර්ඝ කර තිබේ.

මේ සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂා කරන තරගකරුවන් මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ නම, වයස, උස, ලිපිනය සහ දුරකතන අංකය 2024.04.23 දින ප.ව 3.00ට පෙර 077-1557146 WhatsApp අංකය වෙත යොමු කළ යුතුය. සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 18-30 අතර අවිවාහක අය විය යුතු වේ.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය පළමු ස්ථානය සඳහා රුපියල් 100,000/-ක්ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000/-ක් සහ තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000/-ක මුදල් ත්‍යාග ඇතුළු වටිනා ත්‍යාග ද 12 වන ස්ථානය දක්වා සැනසිලි ත්‍යාග සහ සහතික පත් ද පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ක්‍රිසන්ති විතාරණ මහත්මිය (සම්බන්ධීකාරක)-දු.ක 0718412300 ඇමතීමෙන් ලබාගත හැකිය.

එමෙන්ම “වසත් සිරිය 2024” ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.

පිරිමි අංශයේ ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය අප්‍රේල් 27 වනදා උදෑසන ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී මීගමුව පාර ඔස්සේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

එහි කාන්තා අංශයේ තරගය එදින උදෑසන ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩර්ඩ් පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත “වසත් සිරිය 2024 පාපැදි තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, කොළඹ” ලිපිනය ඔස්සේ යොමු කළ යුතුය.

එසේ නොමැති නම් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කොළඹ ප්‍රධාන ආරක්ෂක මැදිරියට භාර දිය හැක. නැතිනම් සම්පූර්ණ කළ අයදුම්පත Scan කර pdf Document ආකාරයට සකස් කර 070-3166384 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකිය.

2024 අප්‍රියෙල් 25 දින මධ්‍යහන 12.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ WhatsAPP පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. මෙම අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 35,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 10,000 බැගින් ද, 11 සිට 20 ස්ථාන දක්වා රුපියල් 6,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ.
කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 60,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනමනු ලබයි.

“වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවස්ථාව හිමි වේ. ඒ සඳහා www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගන්නා අයදුම්පත පුරවා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු මඟින්, තරග කිරීමට සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කර ගැනීමෙන් අනතුරුව “ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා වෛද්‍ය අංශය, යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානය, යුද්ධ හමුදා ජනපදය, පනාගොඩ, හෝමාගම” යන ලිපිනයට ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ “වසත් සිරිය විවෘත මැරතන් ධාවනය තරගය 2024” යනුවෙන් සඳහන් කර යොමු කළ යුතුය.

එසේ නොමැතිනම් ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ගෙනවිත් භාරදීම හෝ සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පැහැදිලි ඡායාරූපයක් 0710573828 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකිය. 2024 අප්‍රේල් 26 දින පෙ.ව 10.00න් පසු යොමු කෙරෙන අයදුම්පත් පිළිගනු නොලැබේ.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයට රුපියල් 20,000ක් සහ පස්වන ස්ථානයට රුපියල් 15,000ක් ද, හයවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, එකළොස්වන ස්ථානයේ සිට පහළොස්වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ද පිරිනැමේ.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක්ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 10,000ක්ද , හය සහ හත්වන ස්ථාන සඳහා රුපියල් 7,500ක් බැගින් ද පිරිනැමෙන අතර අටවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් පිරිනැමේ.

“වසත් සිරිය” කඹ ඇදීමේ තරගය සඳහා තරගවදින සියලුම පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නාමලේඛනය දින තුනකට පෙර සංවිධායක මණ්ඩලය වෙත ලබාදීමට කටයුතු කළ යුතුය. එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ කණ්ඩායමක සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සංවිධානය කර තිබෙන අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරිමි තරග ඉසව් 17ක් පැවැත් වේ. රාජ්‍ය අංශයේ තරගවලදී ආදළ රාජ්‍ය ආයතනයේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද පැවැත්වෙන අතර ඊට තරග ඉසව් 16ක් ඇතුළත්ය. “පුර සැරිය” ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය, මැරතන් ධාවන තරගය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියාට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගිවිය හැකි තරග ඉසව් ඊට ඇතුළත් වේ.

එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද පැවැත්වෙන අතර අලියාට ඇස තැබීම, වාසනා මුට්ටිය බිදීම, ඉදිකටුවට නූල දැමීම, දෑස් ආවරණය කර කිරි කැවීම, බැලුම් පිපිරවීම, දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, සූප්පුවෙන් සිසිල් පැන් පානය, බනිස් කෑම වැනි විදෙස් සංචාරකයන්ට විනෝද විය හැකි තරග ඉසව් 10කින් එය සමන්විතය.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සැබැඳියාව විදාහ දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක ආකෘතියක් මෙහිදී ප්‍රතිනිර්මාණය කෙරේ.

තවද දුෂ්කර කාල පරිච්ඡේදයකට පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉදිරි මග ඇතුළුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ලාංකීය සංස්කෘතිය මෙන්ම අතීත උරුමය ලොව හමුවෙ විදාහ දැක්වෙන අංග රැසකින් ද “වසත් සිරිය 2024” අලුත් අවුරුදු උත්සවය විචිත්‍රවත් කෙරේ.

“වසත් සිරිය – මියැසි ප්‍රසංගය” දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් එදින රාත්‍රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.

Post Views: 4,902
Previous Post

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන්

Next Post

වර්තමාන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව වගේම දූෂිතයි – මන්ත්‍රී එස්.එම් මරික්කාර්

editor ttvnews

editor ttvnews

Next Post
වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා – මන්ත්‍රී මරික්කාර්

වර්තමාන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව වගේම දූෂිතයි - මන්ත්‍රී එස්.එම් මරික්කාර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025
මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

15 May 2025
මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක්  – බරපතළ අනතුරු 1,842ක්

මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක් – බරපතළ අනතුරු 1,842ක්

15 May 2025
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

15 May 2025

Recent News

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025
මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

15 May 2025
මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක්  – බරපතළ අනතුරු 1,842ක්

මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක් – බරපතළ අනතුරු 1,842ක්

15 May 2025
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025
මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved