1 May 2024
#දේශීය #පුවත්

වර්තමාන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව වගේම දූෂිතයි – මන්ත්‍රී එස්.එම් මරික්කාර්

රටේ දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වුවහොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවන බව නමුත් වත්මන් ආණ්ඩුවත් දුෂිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මන්ත්‍රීවරයා පැවසුවේ රටට සෘජු විදේශ ආයෝජනය ලැබෙන බවත් වසර දෙකකින් සෘජු විදේශ ආයෝජන කිසිවක් ලැබී නැති බවත් සෘජු විදේශ ආයෝජන නැතිව ලංකාවට දියුණු වීමට නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා” වර්තමාන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව වගේම දූෂිත ආණ්ඩුවක්. ඒ නිසා තමයි ජාත්‍යන්තර බැදුම්කරහිමියන් යෝජනා කරන දූෂණ විරෝධි කොන්දේසිවලට රජය එකඟතාවය දක්වන්නේ නැත්තේ. රටේ රාජ්‍ය සම්පත් විකුණලා ආදායම් හොයන්න ඕනි නෑ. දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක කළොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවෙනවා. එහෙම වුණොත් රටට සෘජු විදේශ ආයෝජනය ලැබෙනවා. වසර දෙකක් සෘජු විදේශ ආයෝජන කිසිවක් ලැබිලා නෑ. සෘජු විදේශ ආයෝජන නැතිව ලංකාවට දියුණු වෙන්න බෑ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තශාලා ඇතිකරන යුගයේදී වියට්නාමයේ සහ ලංකාවේ ආර්ථිකය එක මට්ටමක තිබුණේ. වියට්නාමය වේගයෙන් දියුණු වෙලා පසුගිය වසරේදී ඩොලර් මිලියන 35,000 ක සෘජු විදේශ ආයෝජන වියට්නාමයට ඇවිල්ලා තිබෙනවා. ආණ්ඩුවට බදු වැඩි කරලා රට පාලනය කරන්න බෑ. සෘජු විදේශ ආයෝජනය සහ අපනයන වෙළඳාම වැඩිකරලා අලුත් වෙළඳපොලවල් තුළට ඇතුළු වෙන්න ඕන. අපනයනය වෙළඳපොල වැඩි කරලා අලුත් වෙළඳපොලවල් තුළට ඇතුලත් වෙන්න නම් අනයනය වැඩි කරන්න සිදුවෙනවා. ආනයනය කරලා ඩොලර් සංචිතය රැක ගන්න විදේශ ආයෝජන වැඩි කරන්න සිදු වෙනවා. සෘජු විදේශ ආයෝජන ගෙන්න දූෂණය නාස්තිය පිටු දකින ස්ථිර ක්‍රමවත් වැඩපිළීවෙළක් අවශ්‍ය වෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව දූෂණය නාස්තිය පිටු දකින්න වැඩපිළිවෙළක් සකස් කරන බවත් පෙනෙන්නට නෑ. ඒ වගේම දුෂණය නාස්තිය වර්තමාන ආණ්ඩුව තුළ සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා ” යැයි මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *