වත්තල ප්‍රදේශයේ සේවය කරන 33 හැවිරිදි ග්‍රාම නිලධාරියෙකු, රාජකාරි වේලාව තුළ බීමත්ව සිය සේවා ස්ථානයේ කලහකාරී ලෙස හැසිරෙමින් මහජන නියෝජිතයෙකුට අපහාස කිරීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සිය කාමරය තුළ මත්පැන් පානය කර, වත්තල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය (NPP) මන්ත්‍රී එල්.එම්.ජේ. පෝල් මහතාට බැන වැදී ඇති බව විමර්ශනවලදී හෙළි විය. වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරීවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරුට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවධාරණය කරයි.















